Wednesday, July 24, 2013


චින්තක ගීතදෙව කියන මෙ සින්දුව අහල බලන්න.


මාලි ගෙලේ චේ පපුවෙ...... කිසිම දෙයක් නෑ ඔලුවේ.......

නිවැරදි මග ගන්න තෝර..... සොයමුද අපි සෑබෑ පාර......

තඩි බල්ටියක්

පලවෙනි පෝස්ට් එකම පොලිටිකල් එකක් වීම ගැන හුදීහු කමා කරත්වා....
අද ඉතිං අපෙ සිංදු කියපු මන්ත්‍රිතුමා තඩි බල්ටියක් ගහපු දවසනේ.එයාට හිතෙන්නැති අර කණ් කැස්බෑවා මොකක්ද එකෙන් එබෙනකං බලා ඉන්නකං වගෙ අහලකවත් නැති ආණ්ඩු බලයක් ලැබෙනකං ඉන්නැතුව සෝට් කට් එකෙන් ස්වර්ගෙට යන්න. ඕකට උන්නාන්සෙට බැනල වැඩක් නෑනෙ. ඔලුවක් නැති සිරස කියන විදියටනං ඕකටත් මුල නායකතුමලු.
කෝක උනත් අර දණ ගස්සන ගඳ ගස්සන මන්ත්‍රිල නම් තව තවත් හොඳට පිස්සු කෙලී. අනෙ මන්දා